T/Tissa Vidyalaya, Trincomalee

සාමාන්‍ය පෙළ විභාගයට ලියූ සිසුන් 4 කගේ පිළිතුරු පත් විභාග ශාලාධිපති පුළුස්සලා: ශාලාධිපති මාධ්‍යවේදියෙක් නිසා සිද්ධිය යට ගහලා-\-\-\-\- (ලංකා ඊ නිව්ස් -2013.දෙසැ.21, පෙ.ව.7.30) පසුගිය 10 වෙනිදා පැවැති අපොස සා.පෙල විභාගයේ බුද්ධාගම ප්‍රශ්න පත්‍රයට පිලිතුරු ලියූ ත්‍රිකුණාමලය තිස්ස විදුහලේ සිසුන් 4 දෙනෙකුගේ පිලිතුරු පත්‍ර විභාග ශාලාධිපතිවරයෙකු විසින් පුළුස්සා දමා ඇතැයි 'ලංකා ඊ නිව්ස් අභ්‍යන්තර තොරතුරු සේවය' වෙත වාර්තා වේ. මේ අපූරු විභාග ශාලාධිපතිවරයා ත්‍රිමලයේ ප්‍රාදේශීය මාධ්‍යවේදියෙක් ලෙසද කටයුතු කරන්නෙක් නිසා ශ්‍රී ලංකාවේ ජඩමාධ්‍ය විසින් මෙම සිද්ධිය යට ගැහීමට උත්සාහ කරන බැවින් 'ලංකා ඊ නිව්ස්' මේ පිලිබඳ සියළු තතු මෙසේ හෙළිකරන්නෙමු. ලංකා ඊ නිව්ස් අභ්‍යන්තර තොරතුරු සේවය වෙත වාර්තා වන අන්දමට සිද්ධිය මෙසේය. මෙම ඛේදවාචකයට මුහුණ පා ඇති සිසුන් 4 දෙනා ත්‍රිමලය තිස්ස විදුහලේ සිසුන්ය. මෙවර තිස්ස විදුහලේ සිසුන් 114 දෙනෙකුගේ විභාග මධ්‍යස්ථානය වී ඇත්තේ ත්‍රිමලය සිංහල මධ්‍ය මහා විද්‍යාලය යි. එහි ශාලා දෙකක මෙම සිසුන්ට විභාගය පවත්වා ඇති අතර 100 ක් එක ශාලාවකද ඉතිරි 14 දෙනා තවත් ශාලාවකද විභාගයට පෙනී සිට ඇත. පසුගිය 10 වෙනිදා ආගම ප්‍රශ්ණ පත්‍රය තිබී ඇති අතර 14 දෙනා සිටි ශාලාවේ ලමුන් 10 දෙනෙකු වෙනත් ආගමක්ද 4 දෙනෙකු බුද්ධාගම සඳහා ද පිළිතුරු ලියා තිබේ. විභාගය අහවර වීමෙන් පසුව සහකාර විභාග ශාලාධිපතිනිය ලෙස කටයුතු කළ මේධාලංකාර විදුහලේ ගුරුවරියක් වූ කේ ස්වර්ණලතා විසින් සියළු පිලිතුරු පත් පැකට් කර ශාලාධිපතිවරයා ලෙස කටයුතු කළ මිහිඳුපුර විදුහලේ විදුහල්පති සමන් මල්ලවාරච්චි නමැත්තාට බාර දී තිබේ. ඔහු ඒවා විභාග දෙපාර්තමේන්තුව වෙත යවා ඇත. ඉන් දින 4 කට පසුව ඉහත ශාලාවේ තිබී බුද්ධාගම ප්‍රශ්ණ පත්‍රයට පිලිතුරු ලියූ සිසුන් 4 දෙනෙකුගේ පිළිතුරු පත් හමුවී ඇත. ඒ හමුවී ඇත්තේ ද ස්වර්ණලතා නම් සහකාර ශාලාධිපතිනියට ය. එම පිළිතුරු පත් එම ශාලාවේ බුද්ධාගම විෂයට පිළිතුරු ලියූ සිසුන්ගේ බුද්ධාගම පිළිතුරු පත් ය. ඇය මේ මගහැරී ගොස් පසුව හමුවූ පිළිතුරු පත්‍ර 4 ශාලාධිපතිවරයාට බාර දුන් විට ශාලාධිපතිවරයා කර ඇත්තේ මේවා විභාග දෙපාර්තමේන්තුවට යැවීමට ගියහොත් ලෙඩක් වන නිසා ඒ පිළිතුරු පත්‍ර 4 පුළුස්සා දැමීමයි. මේ අලූගුත්තේරු ක්‍රියාව කළ සමන් මල්ලවාරච්චි නමැත්තා විදුහල්පති රැකියාවට අමතරව ප්‍රදේශයේ ප්‍රාදේශීය මාධ්‍යවේදියෙකු ලෙසද කටයුතු කරන්නෙක් බැවින් සිද්ධිය මාධ්‍යවෙත වාර්තා වීම වළකා ඇත. (ඔහු අයිලන්ඩ් දිවයින පුවත්පත් සහ එෆ්එම් නාලිකා කිහිපයකටද බීබීසී සිංහල සේවයටද පුවත් සපයන්නෙකි) මේ පිලිබඳ සහකාර ශාලාධිපතිනියගෙන් දැනගන්නා දෙමව්පියන් පොලිසියට පැමිණිලි කිරීමෙන් පසුව පොලිසිය විසින් පරීක‍ෂණයක් ආරම්භ කර ඇත. ශාලාධිපති සමන් මල්ලවාරච්චි දැන් පවසන්නේ ඔහු සියළු පිළිතුරු පත් යැවූ බවත් පුළුස්සා දැමුවේ පිළිතුරු පත් නොව ලමයින් විසින් කටුවැඩ සඳහා භාවිතා කළ කොළ බවත් ය. තිස්ස විදුහලේ විදුහල්පතිනිය එල්.එස්.බී පෙරේරා තම සිසුන් 4 දෙනෙකුට සිදුවූ අසාධාරණය ගැන පළාතේ අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් දෙදෙනාටම පැමිණිලි කර ඇති අතර අධ්‍යක්ෂවරුන් පවසා ඇත්තේ තමන් මේ ගැන විභාග කොමසාරිස්වරයාට පැමිණිලි කර ඇති බවයි. අලූගුත්තේරු ක්‍රියාව සිදුකළ සමන් මල්ලවාරච්චි නමැත්තා පළමු වරට ශාලාධිපතිවරයෙක් ලෙස කටයුතු කර ඇත්තේ මෙවරය.