Reptiles & Amphibians of Sri Lanka

සත්ත්ව කාණ්ඩ දෙකක් ලෙස ගත් කල උරගුන් සහ උභය ජීවීන් පිළිබඳව ශ්‍රී ලාංකික ප්‍රජාව දක්වන උනන්දුව අනෙකුත් සත්ත්ව විශේෂ පිළිබඳව දක්වන උනන්දුවට වඩා සාපේක්ෂව ඉතා පහල මට්ටමක පවතී. එම දැනුම අල්ප බව නිසාම මෙරටට ආවේණික උරග සහ උභයජීවී විශේෂ සැලකිය යුතු ප්‍රමාණයක් අද වන විට අවිධිමත් මානව ක්‍රියාකාරකම් හේතුවෙන් දැඩි ලෙස වඳවීයාමේ තර්ජනයට මුහුණ පා ඇත. මේ වැයම සත්භාවයෙන්ම සිරිලක උරගුන් හා උභයජීවීන් සංරක්ෂණයට දායක වීම උදෙසාය.