CAD MASTERS SRI LANKA-අපි අපේ දේ කථා කරමු

යහළුවනේ, ශ්‍රී ලංකීය සැළසුම්ශිල්පීන් ලෙස එකතුවෙලා පොඩි පොඩි ගැටලු කථාකරන්න තැනක් නැතිව නේද හිටියේ? මෙන්න තැන. දන්න දේ බෙදාගමු. නොදන්න දේ දැනගමු. ගැටළු ඇති උනොත් විසදගමු ලේසියෙන්... අදුනන CAD යාලුවෝ ඉන්නවානම් එයාලටත් කියමු මේ ගැන... එක් කරගමු. සැළසුම්ශිල්පීන් විතරක් එක් කරගත්තොත් ලේසියි නේ? මොකද මේක CAD MASTERS SRI LANKA නේ. අපි ශ්‍රී ලාංකීය සැළසුම්ශිල්පීන්ගෙ අභිවෘද්ධිය වෙනුවෙන් නොබිදෙන ශක්තියක් ගොඩනගමු. ජයවේවා!

CMSL එක තුළ කටයුතු කිරීමේදී මේ කරුණු පිළිබද සැලකිලිමත් වන්න.

1. සැළසුම් ශිල්පී වෘත්තියට අදාල කරුණු පමණක් මෙහි සාකච්චා කරමු.

2. පෝස්ට් පලකිරීමේදී අධ්‍යාපනික වටිනාකමක් ඇති දේ සහ සෘජුව සැළසුම්ශිල්පී වෘත්තිකයින්ට වැදගත් කමක් ඇති දේවල් පමණක් පල කරමු.

3. රැකියා පුරප්පාඩු වැනි පෝස්ට් එකකදී හැර වෙළදනාම ප්‍රචාරණයක් ඇතිවෙන ආකාරයේ පලකිරීම් නොකරමු.

4. සැළසුම්ශිල්පීන් අතර සුහදත්වයක් ගොඩනැගෙන ආකාරයෙන් කටයුතු කරමු.

5. සමූහයට නොගැලපෙන ලෙස හැසිරෙන, කටයුතු කරන සාමාජිකයෙකුගේ සාමාජිකත්වය පිළිබඳව හා නොගැලපෙන පෝස්ට් සම්බන්ධව අවසාන තීරණය ඇඩ්මින් මඩුල්ල සතු වේ..
________________________________________________________________
මේ නීති මාලාවක් නොව සුහද අවබෝධතා කරුණු කිහිපයක් බව කරුණාවෙන් සලකන්න..෴